අපට සහය වන්න - Contribute us

මෙරට වසන  මෙන්ම විදෙස් ගතව වසන ශ්‍රී ලාංකික සියලු දෙනා වෙත කෙරෙන සහෝදරාත්මක ඉල්ලීමක්
අපි බොහෝ කාලයක් තිස්සේ විවිධ අයගේ පොරොන්දුවලට රැවටුණා. අවසානයට අපට ඉතිරි වුණේ අනුන් දෙනදේ බලාගෙන ඉන්න පුරුද්ද විතරයි. ඒ කෙන් අපි තව තවත් දුප්පත් වුණා.
ජීවන ශක්ති කාන්තා ව්‍යාපාරය නිසා අපි අපේ ශක්තිය සොයාගෙන යන්න පුරුදු වුණා. මේ ටික කාලය‍ට අපි ටික ටික ඉතිරි කරලා, එකතුවෙලා කතාබහා කරලා, වැඩකරලා යම් ශක්තියක් ගොඩනගා ගෙන තිබෙනවා. ඉතිං තවත් ඉදිරියට යාම අපේ අරමුණයි.
අප කරගෙන යන මේ කටයුතු නිසා රටත් දියුණුවට පත්වන බව අපිට විශ්වාසයි. පහත ක්‍රියාකාරකම් තුළින් ශ්‍රී ලංකාවේ වියළි කාලාපයේ දුස්කරතා මැද දිවි ගෙවන අපේ ජීවිත පමනක් නොව ශ්‍රී ලංකාවේ සමස්ථ දියුණුවටද මෙම කටයුතු ඉවහල් වනු ඇතැයි යන්න අපේ විශ්විසයයි. අපි අපේ රටේ විනාශ වී ගිය පරිසරයත් නිසරැ වී ගිය භුමියත් අපට හැකි පමණින් නැවත ගොඩනගන්න අප සූදානම්.
ඉතිං අපට කරගන්න අමාරු දේවල් ටික කරගන්න අපේ රටේ උපන් මිනිසුන්ගෙන් උදව් ඉල්ලන්න අපි තීරණය කෙරුවා. පහතින් දැක්වෙන්නේ අපේ ප්‍රධාන අවශ්‍යතාවන් කීපයක්.
ඔබ අපට සහය ලබාදෙන්නේනම් ඒ පිළිබ සියලු විස්තරද එතුළින් අත් පත් කරගන්නා ප්‍රගතිය පිළීබද විස්තර හා චායා රුපද මූල්‍ය වාර්තාද සියල්ලන්ගේ දැනගැනී‍මට හැකි වන පිනිස මෙම ‍බ්ලොග් අඩවියෙ පල කිරිමට අපි සුදානම්   

1 - වස විසෙන් තොරව ගොවිබිම සරු කරගන්න/To recharge our agricultural lands Eco friendly
සාමාජික කාන්තාවන්ගේ දැනට කණාටු වී, සෝදාපාලු වී, නිසරැ වී ගිය ඉඩම් නැවත සාරවත් කරගැනීම සදහා යොමු වී තිබේ. රසායනික තෙල් සහ පෙහොර භාවිතා කිරීම අතහැර, සොබාවික පොහොර යොදා පස සරු කර ගැනීමටත්, සෝදාපාලුව නවන්වා පසත් පසේ තෙතමනයත් ආරක්ෂා කරගැනීමටත් විවිධ පුහුණු ලැබී තිබේ.
එහෙත් එදිනෙදා නඩත්තුව සදහා කුලි වැඩ කරමින් ජිවන්වන කාන්තාවන්ට කාණු කැපීම, සෝදා පාලු පස් වැටි දැමිම වැනිදැ වෙනුවෙන් මුදල් වියදම් කිරීම සහ අඛණ්ඩව වෙහෙසීම අසීරුය. ඒ සදහා අක්කර භාගයකට රුපියල් 5000 ක පමණ ශ්‍රම කුලිය අවශ්‍යවේ.
ඉහත කටයුත්ත සදහා ඔබට හැකිනම් අපට දායකවන්න
දායකත්වය සහ යෝජනා සදහා

2 - ගෙවත්ත පෝෂණ තුරුගොමුවක් කරගැනීම/To develop our home land as a nutrition grove
වැසි ජලය එක්රැස්කර ගැනීමේ පුරුද්ද අපට එදා සිටම තිබුණි. වියලි කලාපයේ අපිට ජීවත්වීමට පුළුවන් වී ඇත්තේ අතීතයේ මිනිස්සු වැව් තනා වැසි ජලය එක්රැක් කර ගැනීමට කටයුතු යොදා තිබු නිසාය. එහෙත් අපට තවමත් ඇත්තේ ගමට එක වැවකි. තවත් කොතරම් ජලය අපතේ යනවාද
අපේ ඉඩම්වලින් ගලාගෙන අපතේ යන ජලය පතහක් කපා එක් රැස් කරගත් විට ඒවා අපිට ජල හිග කාලය‍ට ප්‍රයෝජනයට ගත හැකිය. එවිට අසාර්ථක වූ හේන් වගාව වෙනුවට සැමදාම පවතින පෝෂණ තුරු ගොමුවක් බවට අපේ ගෙවත්ත පත් කර ගැනීම‍ට පුළුවන්. පතහට එකතුවන වතුරෙන් පරිසරය සිසිල් වෙනවා භුගත ජලමට්ටම ඉහළට එනවා. පතහේ මිරිදිය මාළුන් ඇති කිරීමටත් පුළුවන්, කාන්තාවන්ගේ කාලය ඉතිරි වෙනවා. (අපේ කාලයෙන් ලොකු කාලයක් යන්නේ ගෙදරට වතුර ඇදීමට) ජලය තිබුණොත් කිරි එළදෙනෙක් ඇතිකර ආදායම වැඩිකරගන්න පුළුවන් එතකොට පොහොර ලැබෙනවා ඒ ගොම මාළුවන්ට ආහාර පිනිස දීමටත් පුළුවන්. ගෙවත්ත සරු කරගැනීමට මේ පොහොර සහ සත්ව අපද්‍රව්‍ය යොදා ගත හකියි. ඉතිං අපේ ඉලක්කය සෑම සාමාජික කාන්තාවක‍ෙග් ගෙදරකම පතහක් කපා ගැනීමටයි.
පතහක් කැපීම සදහා අවම වශයෙන් රැපියල් 30000 ක් පමණ වැයවෙනවා. ඒ බැකෝ යන්තුය සදහායි. පො‍ළොව අනුව වියදම වැඩි වීමටත් ඉඩ තිබෙනවා හැම පතහක්ම එකසැරේ සාර්ථක වන්නේ නෑ පතහේ වතුර රදා හිටින්නට සුදුසු විදිහට සකස් වෙන්න කන්න කීපයක් යනවා. ඒ නිසා ඒ සදහා ණයක් ලබාගැනීමට අපහසුයි. අපේ ඉලක්කය සෑම කාන්තාවකටම තම පෝෂණ තුරුගොමුව සදහා පතහක් ඉදිකර ගැනීමයි. (පතස් ක්‍රමය පිළිබද වැඩි විසිතර සදහා)  ඉහත කටයුත්ත සදහා දායකවීමට ඔබට හැකිනම් අපට දායකවන්න දායකත්වය සහ යෝජනා සදහා

3 - අතර මැදියන් ගෙන් බේරි අස්වනුවලට හොද මිලක් ලබා ගැනීමට/To develop direct marketing centers
දැනට අපගේ ජීවන ශක්ති ව්‍යාපාරය තුළ සිටින කාන්තාවන්ගේ කෘෂි නිෂ්පාදන සහ 40කුගෙ නිෂ්පාදන අලෙවි කිරීම සදහා ඒ සදහාම වූ ජීවන ශක්ති පොල සෑම බදාදාවකම ආණමඩුව නගරයේ පැවැත්වෙනවා. මීට අමතරව ගම් මටිටමිනුත් අලෙවි මධ්‍යස්ථාන 3ක් පිහිටුවා ගැනීමට අප අදහස් කරනවා. ඒ සදහා ශක්තිමත් අවරණයක් සහිත වෙළද කුටියක් අවශ්‍යවනවා. ඒ තුළින් සාමාජික කාන්තාවන් සියළු දෙනාගේ නිෂ්පාදන ‍අලෙවි කිරීමට අපේක්ෂා කරනවා. අඩි 10X6 ප්‍රමාණයේ අලෙවි කුටියක් සකස් කර ගැනීම සදහා එක් අලෙවි කුටියකට රුපියල් 85000 පමණ වෙතියි ගණන් බලා තිබෙනවා. ඒ සදහා හැකිනම් අපට උදව් වෙන්න
දායකත්වය සහ යෝජනා සදහා

4 - සමිති සාමූහිකයට කාර්යාලයක් සහ රැස්වීම් ශාලාවක් ඉදිකරගැනීමට/To build meeting hall and an office for the collective
සමිති සාමූහිකයේ රැස්වීම් පැවැත්වීම වෙතන් පුහුණු පන්ති අප තවමත් කරන්නේ ගස්සෙවනක හෝ වෙනත් තැනක මේ සදහා පුංචි කාර්යාලයක් සමග රැස්වීම් ශාලාවක් ඉදි කරගත හොත් අපට එහි රැස්වීම්වලට අමතරව අපේ දරුවන්ගේ විවිධ අතිරේඛ පන්ති ළමා සමාජ රැස්වීම් වෙළද පල සම්බන්ධීකරණය වගේ දේවලුත් එහි සිටම කරන්න පුළුවන් එහි පුංචි පුස්තකාලයක් ආරම්භ කරන්නත් අපේ හිතේ තියෙනවා මේ කටයුත්ත සදහා ශ්‍රමයන් එකතුවුණොත් ලක්ෂ තුන හතරක් වියදම්වන කටයුත්තක් ඒ සදහා අපිට දායක වීමට හැකිනම් එය අප සියළු දෙනාගේම දියුණුවට අතදීමක්
දායකත්වය සහ යෝජනා සදහා

5 - ආහාර සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීම/To establish food processing centers 
අප දුක් මහන්සියෙන් වවනදේත් අපේ වත්ත පිටියේ වැවෙන දේත් සදහා සාධාරණ මිලක් ලැබෙනවා නම් අපේ ජීවන මට්ටම මීට වඩා උසස් වේවි ඒත් අස්වනු නෙලන කාලයට ඒවා මිළදි ගන්නේ කුණු කොල්ලෙට ඉතිං එම අස්වනු ගබඩා කරගෙන අමුද්‍රව්‍ය හැටිය‍ට නොවෙයි සකස් කළ ආහාර හැටියට විකුණාන්න පුළුවන් වුණොත් අපට අපි නිපදවන දේවල්වලට මිලක් තීරණය කරන්න පුළුවන් වෙනවා දෙහි දොඩම් දිව්ල් සියඹලා ධාන්‍ය වර්ග මීට හොදම උදාහණය මේවා සකස් කරන ආකාරය පිළිබද පුහුණු අපට ලැබී තිබෙනවා පුහුණු ලබාගන්නත් පුළුවන් ඉතිං අපට අවශ්‍ය කරන්නේ කීපදෙනෙකුට එකතුවී මේවා සකස් කරවන්න අවශ්‍ය උපකරණ ටිකක් සහ ස්ථානයක් සකසා ගන්න පොඩි උදව්වක් ඉතිං ඔබට පුළුවන්නම් මේ සදහා උදව්වෙන්න ඒ වගේම ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න වැඩි විස්තර සහ දායකත්වය සදහා

ඉහත කටයුත්ත සදහා දායකවීමට ඔබට හැකිනම් අපට දායකවන්න දායකත්වය සදහා