අපි ගැන - About us

අපේ දැක්ම 
කාන්තාවන් වන අපටත් අපේ දරුවන් ඇතුලු පවුල් ශක්තිමත් කරන දියුණු රටක දියුණු ප්‍රදේශයක් වී පරිසර හිතකාමී දියුණුවක් ඇති අභියෝග ජයගන්නා එකිනෙකාගේ අදහස්වලට ගරුකරණ අභිමානවත් සමාජයක්
Our vision 
A society in which the people respect each other,face to the challenges,Eco friendly,and become a community with a respect women rights , child friendly and sustainable families.

අපේ මෙහෙවර
සිරිලිය ජීවන ශක්ති සමිති සාමූහිකයට අයත් ප්‍රදේශ තුළ කාන්තා කණ්ඩායම් ගොඩනගමින් සහ ජාලගත කරමින් දැණුම ලබා දෙමින් සමිපත් ඒකරාසීකර දෙමින් සහ හුවමාරු කර ගනිමින් නිවැරදි මග පෙන්වමින් අවශ්‍ය සම්බන්ධීකරණ ලබාදෙමින් ප්‍රදේශයේ පොදු ප්‍රශ්න විසදීමට මැදිහත් වෙමින් නිවැරදි නායකත්වයක් ලබාදීම.
Our mission
Grant a correct leadership and coordination to the member groups to expand and strengthen and network the women's groups further and to raise awareness and resources to overcome the common issues;the barriers of poverty.

අපේ ඉලක්ක 2015 දක්වා -Our targets for next 5 years up to 2015

01 - සාමූහිකයේ සංවත්සර උත්සව 05 සාමාජිකයින් සැමගේ සහයෝගයෙන් කිරීම/ To celebrate 5 anniversaries of the collective with the help of member groups
02 - කණ්ඩායම් 8 – 10 දක්වා වර්ධනය කිරීම/To improve member groups from 8 to 10
03 - 50 දෙනෙකු පමණ සාමාජිකාවන් පිරිසක් ස්වයං රැකියා සඳහා යොමු කිරීම/To encourage at least 50 women to start self employments.
04 - ජීවන ශක්ති නිෂ්පාදන අලෙවි සැල් 03 ආරම්භ කිරීම/To establish 3 marketing centers in the area for women's products
05 - කණ්ඩායම්වල අත්දැකීම් හුවමාරු වැඩසටහන් සඳහා වැඩසටහන ක්‍රියාත්මක වෙනත් ප්‍රදේශ සමග අත්දැකීම් හුවමාරුව/To promote exchanges with the women's groups of other areas.
06 - ශිෂ්‍යත්ව සමත් දරුවන් 05 දෙනෙකු සඳහා ශිෂ්‍යත්වයක් ලබාදීමේ වැඩ පිළිවෙලක්/Grant scholarships to five students who pass the year 5 scholarship exam.
07 - සෑම කණ්ඩායමක් සඳහාම (ගෘහස්ත කළමනාකරණය දරුවන් රැක බලා ගැනීම හා ආරක්ෂා කර ගැනීම යනතේමා යටතේ දැනුවත් කිරීම) /Grant each groups awareness sessions on home management,child caring and protection,reproductive health and sustainable agriculture.
08 - ළමා සමාජ දරුවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය සඳහා සාමූහික ක්‍රියාකාරකම් 3ක් කිරීම /Contribute the child groups to implement 3 skills and attitude development activities.
09 - සියලු සාමාජිකාවන් පෝෂණ තුරු ගොමුව සාර්ථක කර ගැනීම සඳහා යොමු කිරීම /Encourage all the women members to maintain a nutrition grove.
10 - කාන්තාවන්ගේ කුසලතා වර්ධනය කර ගනිමින් හා හැකියාවන් එළිදැක්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසා ගැනීම /Develop the suitable space to improve the skills and talents of the member women.
11 - පංසල පාසල හා ගම කේන්ද්‍රකර ගත් පොදු ස්ථාන සංවර්ධනයටදායකවීම /To contribute to develop the common places of the area such as the School,Temple,Tank etc.
12 - කණ්ඩායම් සඳහා අවශ්‍ය ව්‍යාපෘති සකසා ගනිමින් සාමූහික නියෝජිත වරියන් මසකට වරක් රැස්වීම කුඩා කණ්ඩායම් දැනුවත් කිරීම කණ්ඩායම් යෝජනා සාමූහිකයට ගෙන්වීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම/Continue the monthly meetings successfully.strengthen the member groups and develop projects.
13 - සමිති සාමූහිකය සඳහා පොදු මධ්‍යස්ථානයක් සඳහා ඉඩම් ලබාගැනීම සහ නිවස්නයක් ඉදිකිරීම/To gain a common land for the collective and build a meeting place.
14 - ආහාර තාක්ෂණය පදනම් කරගත් සාමුහික ව්‍යාපාරයක් ආරම්භ කිරීම/Start  food processing as a collective effort.
15 - සෑම සාමාජිකාවක් සඳහාම වැසි ජල සංරක්ෂණ පතහක් සකස් කර ගැනීම/Develop rain water harvesting pond for all the members of the network.

අපේ සංවිධාන ව්‍යුහය

එක් කාන්තා කණ්ඩායමකින් වර්ෂ දෙකක කාලයක් සඳහා නියෝජිතයන් දෙදෙනෙකු පත් කරනු ලබන අතර එම පිරිස සමිති සාමූහිකයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වෙති. මෙම පිරිසෙන් සමිති සාමූහිකය සඳහා නිළධාරි මණ්ඩලය පත් කරනු ලැබේ.
ඒ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උපසභාපති, උපලේකම් සහ කමිටු ප්‍රධානින් වශයෙනි. සමිති සාමූහිකයේ කටයුතු ප්‍රධාන කමිටු පහක් හරහා ක්‍රියාත්මක කෙරේ (එම කමිටු 5 නම්)

01 - ළමා සංවර්ධන අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව

1 - ළමා සමාජ පවත්වාගෙන යාමට සහායවීම
2 - ළමුන්ගේ අධ්‍යාපන අයිතීන් සොයා බැලීම රැක ගැනීම සදහා මැදිහත්වීම
3 - ළමුන්ගේ පෝෂණය පිළිබද කටයුතු සදහා මැදිහත්වීම

02 - කෘෂිකර්ම හා පරිසරික සංවර්ධන කමිටුව

1 - පෝෂණ තුරුගොමු දිරිමත් කිරීම
2 - වගා බිම් සංවර්ධනය
3 - කාබනික වගාවන් හා පස සංරක්ෂණ
4 - බීජ සංරක්ෂණය
5 - ‍‍ඖෂධ පැලෑටි සංරක්ෂණය

03 - කුඩා කණ්ඩායම් හා ජාල ශක්තිමත් කිරීමේ කමිටුව

1 - දුර්වල කණ්ඩායම් ශක්තිමත් කිරීම
2 - විගණනය
3 - කණ්ඩායම් ඇගැයීම් කිරීම

04 - ජීවනෝපාය සහ අලෙවි ප්‍රවර්ධන කමිටුව

1 - ජිවන ශක්ති පොල ක්‍රම සහ අලෙවි කටයුතු
2 - පසු අස්වනු තාක්ෂණික නිෂ්පාදන
3 - ස්වයං රැකියා පුහුණු සංවිධානය
4 - සාමූහික නිෂ්පාදන ව්‍යාපෘතීන්

05 - කාන්තා අධ්‍යාපන සහ පුහුණු කමිටුව

1 - කාන්තා දින සැමැරුම
2 - විවිධ පුහුණුවීම
3 - ජීවන ශක්ති පුවත්පත
4 - අධ්‍යාත්මික හා සංස්කෘතික වැඩසටහන්
5 - කාන්තා කුසලතා සංවර්ධනය
6 - කියවීම් සංවර්ධනය

කමිටු 5හේ ක්‍රියාකාරිත්වය සඳහා ලේකම්වරියක පත්කෙරේ


අපේ ප්‍රතිපත්ති
01 මිනිස්කමට නිගරුදෙන සියලු කුල ජාති ආගම් බේද පිටු දකිමු
02 දරුවන්ට හිතකර පවුල් පරිසරයක් තනා දීමට නිති කැපවෙමු
03 සියලු ජීවනෝපායන්වලදී සහ සමාජ සම්බන්ධතාවලදී අවංකව සාධාරණව හා සමාජ හිතකාමී ලෙස කටයුතු කරමු
04 අඩුවයස් විවාහ, ළමා අපචාර, ළමා අපයෝජන සහ අකාලයේ පාසල් හැර යාම වලක්වමින් දරුවන්ගේ ළමා කාලය සහතික කරදීමට කැපවෙමු
05 මත් උවදුර සහ සමාජ විරෝධී ක්‍රියාකාරීත්වයන් පිටු දැකීමට තනිවත් සාමූහිකවත් ක්‍රියා කරමු
06 අප ජීවත්වන පරිසරය ජනතාවටත් කෘෂිකාර්මික ජීවන පැවැත්මටත් හිතකරව පවත්වා ගැනීමට නිති කැපවෙමු
07 අප අතර රැකුණ සාරධර්ම, සිරිත් විරිත් හා කලා ශිල්ප රැකගැනීමට කැපවෙමු
08 ගමේ පොදු සම්පත් වන වැව, පන්සල, පාසල, පොදු ලිද, මාර්ග, පෙර පාසල යනාදිය රැකගැනීමට උරදෙමු
09 කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීමටත් වැඩිවර්ධනය කිරීමටත් සැමවිටම මැදිහත්ව ක්‍රියාකරමු
10 කාන්තාවන් හැටියට වඩා ගුණාත්මක ජීවිතයක් ගත කිරීම සදහා හැමවිටම දැනුම කුසලතා සහ ශක්තිය වර්ධනය කර ගනිමින් ඉදිරියට යමු


අපේ සාමාජික සමිති 

සමිතියේ නම
සාමාජික සංඛ්‍යාව
ඉතිරි කිරීම
මුළු ඉතිරි කිරීම්
01
සම්පත ජීවන ශක්ති - ගල්ලෑව
14
88145.00
112351.00
02
දිරියලිය ජීවන ශක්ති - තල්ගස්වැව
14
119700.00
127603.00
03
විශාකා ජීවන ශක්ති - අමුණුගම
17
91682.00
119610.00
04
තුරුසෙවණ ජීවන ශක්ති - රනෝරාව
12
47995.00
64025.00
05
ගොවිබිම ජීවන ශක්ති - කෑදැත්තෑව
15


06
දිරියලිය ජීවන ශක්ති - කරඹෑව
14
83885.00
97186.00
07
ප්‍රාර්ථනා ජීවන ශක්ති - ගල්ලෑව
12
53505.00
57935.00
08
සුචරිත ජීවන ශක්ති - කරඹෑව
08
10880.00
10865.00
එකතුව
106
495792.00
589575.00

‍අපේ මූල්‍ය විස්තරය-Our balance sheet
2010 – 06 -30 දිනට ශේෂ පත්‍රය
සාමාජිකත්ව සමිති තැන්පතු

16240.00
බැංකු ශේෂය
25430.00
මුල් මාස 6 තුළ වෙනත් ආදායම්
22905.00

අත ඉතිරි මුදල්
2805.00
බැංකු පොලි ආදායම්
430.00



මුළු ආදායම්
23335.00



වියදම් අඩු කළා
(11340)
11955.00


එකතුව

28235.00
එකතුව
28235.00

අපේ නිළධාරි මණ්ඩලය - Our working committee
සභාපතිනිය                  නම -               ඒ. එච්. එම්. සෝමාවතී
                                                ලිපිනය -          වැටිය ගෙදර - මහ උස්වැව
                                                           
 ලේකම්වරිය                නම -               ජේ. ඒ. ඒ. අයිරාංගනි ජයකොඩි
                                                ලිපිනය -          අමුණුගම පාර - කුඩාතම්මැන්නෑව
ආණමඩුව
                                                           
 භාණ්ඩාගාරිකවරිය      නම -               ඩී. එම්. ලලිතා දිසානායක
                                    ලිපිනය -          දිනේෂ් නිවස - ගල්ලෑව
ආණමඩුව
                                    දුරකතන අංක -

උපදේශක මණ්ඩලය - Our board of advisers
                                     නම -                සිඩ්නි මාකස් ඩයස්
                                    ලිපිනය -          තෝතැන්න - උස්වැව පාර
ආණමඩුව
                                    දුරකතන අංක - 077 305 405 8 –
                                    ඊ මේල් -          thothanna@yahoo.com

                                    නම -                එම්. එස්. නලීන් ද සොයිසා
                                    ලිපිනය -          පෙරේරා මාවත - පරණටව්ම
මාදම්පේ
                                    දුරකතන අංක - 075 617 549 9

                                    නම -                කේ. බී. සීතා වික්‍රමසිංහ
                                    ලිපිනය -          චන්ද්‍ර සෙවන - වෙන්නප්පුව
                                    දුරකතන අංක -077 351 638 2 / 031 225 428 8

                                    නම -                අයි. එම්. දයා ආරියවතී
                                    ලිපිනය -          මැදගම - කනත්තේවැව
                                    දුරකතන අංක -077 873 216 1 / 037 567 883 1

                                    නම -                එස්. ඉනෝකා තිලකරත්න
                                    ලිපිනය -          තෝතැන්න - උස්වැව පාර
ආණමඩුව
                                    දුරකතන අංක - 071 940 250 9

                                    නම -                ආර්. එම්. නිරංජලා රාජපක්ෂ
                                    ලිපිනය -          කිවුල්ඇල වත්ත - ර‍ෙනා්රාව
ආණමඩුව
                                                දුරකතන අංක - 032 332 085 8

අපිට මග පෙන්වන්නා
            අප මුහුණදී සිටින ගැටලු විසඳාගැනීම සහා අපට මුල සිටම මගපෙන්වුයේ තෝතැන්න ආයතනයයි.
වඩා ක්‍රමවත් රටාවකට සමිති රැස්වීම් පවත්වා ගැනීම සාමාජිකාවන් විසින් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒ වාට විසදුම් සෙවීමට, අනාගතය ගැන තීරණගැනීමට, හැකි පමණින් සතිපතා ඉතිරි කිරීමට, ඒ මුදල් සාමාජිකාවන්ගේ මුල්‍ය අවශ්‍යතාවලට සහණ සේවා ගාස්තුවක් යටතේ ලබා දීමට, ඒ මුදල් ගණු දෙණු නිසි ලෙස පවත්වා ගෙනයාමට, මාස 6කට වතාවක් ශේෂ පත්‍රයක් සකසා ගනු දෙණු නිරවුල් කර ගැනීමට, තෝතැන්න අපට අවශ්‍ය මගපෙන්වීම ලබාදී තිබෙනවා. අපගේ දැනුම සහ සාමූහික ක්‍රියාකාරිත්වයන් සහ සමාජ අවබෝධය වැඩි කිරීම සහා පුහුණුවීම් 10ක් සෑම කණ්ඩායම් මට්ටමින් ලබා දීමට තෝතැන්න කටයුතු කර තිබෙනවා. අපගේ සමිති සාමූහිකයේ මග පෙන්වීම් කටයුතු සහා තෝතැන්න ආයතනය සජිවිකාරකවරියකගේ සේවය අපට ලබාදී තිබෙනවා. කණ්ඩායම් මුහුණ දෙන ගැටලු විසඳාගැනීමට අපට විශාල මගපෙන්වීමක් ඇයගෙන් අපට ලැබෙනවා